Friday, July 24, 2026
Homeදේශීයගුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශ රැසකදී විරෝධතා

ගුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශ රැසකදී විරෝධතා

ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව අද (27) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලංකා ගුරු සේවා සංගමයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සහ ගුරුවරුන් විරෝධතාවක නිරත වුණා.

ඒ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී.

දහවල් 1.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ වු අතර ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් 50 කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටියා.

පැයක පමණ කාලයකට පසු විරෝධතාවය අවසන් කර අනතුරුව මාධ්‍යයට අදහස් පළ කර මෙම විරෝධතා කරුවන් විසිර ගියා.

මේ අතර තවත් ප්‍රදේශ රැසකදී ගුරුවරුන් අද විරෝධතා සංවිධානය කර තිබුණේ මෙලෙසින්..

video file
READ:   No Deal ගම ඉවත් කර ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්