Thursday, June 11, 2026
Homeදේශීයපාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනයට පියවර

පාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනයට පියවර

පාලන මිල ඉක්මවා අලෙවි කරන සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක් පාලන මිල ඉක්මවා අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුව ඊයේ (25) රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා..

“දැන් මාසෙක එක හමාරක ඉඳලා කීරි සම්බාවල මිල වැඩිවීමක් තිබෙනවා වෙළඳපොළේ. යම් ප්‍රමාණයකට අවස්ථාව දුන්නත් ඒක සීමාව ඉක්මවා විකුණන තත්ත්වයට පත්වෙලා වැඩි ප්‍රමාණයෙන්. පෙරේදා ඉඳලා සම්බා මිලත් 230 නෙවෙයි දැන් 240ට විකුණනවා. තවදුරටත් සහල් මිල පාලනය කළේ නැත්තම් ඉදිරි මාස දෙක තුන තුළ සහල් ආනයනය කරලා හෝ පාලන මිලට අඩුවෙන් සහල් ලබා දෙන්න වෙනවා.”

READ:   පොහොර ලියුම හොරට නොදුන්න නිසා සජබ අපේක්ෂයා - නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්