ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (26) පැවැත්වෙනවා.
ඒ ගියවර ලෝකශූර එංගලන්තය ට එරෙහිව යි.
තරගය ඉන්දියාවේ බැංගලෝර් හි චින්නස්වාමී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.
එංගලන්තය මේ දක්වා සහභාගී වූ තරගවලින් තරග තුනක් පරාජය වී එක් තරගයක් ජය ගෙන සිටින අතර ශ්‍රී ලංකාව ද පසුගියදා නෙදර්ලන්තයට එරෙහි තරගය ජය ගැනීමත් සමඟ තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගෙන සිටිනවා.
ඒ අනුව අද තරගයේ ජයග්‍රහණය තරගාවලියේ රැදී සිටීමට කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වෙනවා.
මේ අතර තරගය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියා.
එම වීඩියෝව පහතින්,


