Saturday, May 30, 2026
Homeදේශීයඉන්දියාව කම්පා කරමින් තරුණ පවුලක් දරුවන් සමගින් සියදිවි නසා ගනී: හේතුව ලංකාවට...

ඉන්දියාව කම්පා කරමින් තරුණ පවුලක් දරුවන් සමගින් සියදිවි නසා ගනී: හේතුව ලංකාවට සම්බන්ධ වෙයි

ණය ගනුදෙනුවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඔන්ලයින් ණය ගනුදෙනුවක් නිසා ඔවුන් සියදිවි හානි කර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

39 හැවිරිදි සැමියා 32 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාගේ ද සිරුරු ඔවුන්ගේ නිවසේ තිබියදී හමුව තිබුණේ පසුගිය සැප්තැම්බර් 12 වනදා.

සියදිවි නසා ගත් බිරිඳ අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබා දෙන සමාගමකින් ණය මුදලක් ලබා ගෙන ඇති අතර ඇයට ආපසු ණය ගෙවීමට අපහසුවීමත් සමග එම සමාගම අදාළ කාන්තාවට සහ ඔවුන්ගේ පවුලේ අයට අසභ්‍ය පණිවිඩ යවා ඇති බවයි වාර්තා වන්නේ.

එම ණය ගනුදෙනුව සිදුකර ඇති දුරකථන අංකය සහිත කණ්ඩායම පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ලංකාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

file
READ:   ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්