Thursday, October 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව අද ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට

ශ්‍රී ලංකාව අද ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (16) පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් අද කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.

ඒ දසුන් ශානක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න දසුන් ශානක වෙනුවට අද තරගයට එක්වීමට නියමිතයි.

තරගය පස්වරු 02ට ආරම්භ වෙනවා. ඒ ඉන්දියාවේ Lucknow හිදී.

ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට ද අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වෙනවා. ඒ කණ්ඩායම් දෙකම තරගාවලියේ පෙර සහභාගී වූ තරග පරාජය වී තිබීම හේතුවෙන්.

READ:   කෙරවළපිටිය බලාගාරයට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්