Saturday, May 30, 2026
Homeදේශීයජනපති සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකයි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ජනපති සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (13)පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරුණු 8කින් යුත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

සංගමය විසින් ඉදිරිපත් කළ කරුණු වලට ජනාධිපතිවරයා සාවධානව ඇහුම්කන් දුන් බවයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

ලබන අයවැය හරහා වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසඳුමක් ලබා දිය යුතු යන අදහස තුළ ජනාධිපතිවරයා සිටින බව ඔහු ප්‍රකාශ කළා.

සුහදව පැවති සාකච්ඡාව සාර්ථක බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ජනක රත්නායක සහ ඔහුගේ දරුවන්ට පාර්ලිමේන්තු ගැලරියේ ඉඩ ලබා නොදේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්