Sunday, April 19, 2026
Homeක්‍රීඩාදකුණු අප්‍රිකාව හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියාව

දකුණු අප්‍රිකාව හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියාව

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 134කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 311ක්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Quinton De Kock පන්දු 106කින් ලකුණු 109ක් රැස් කළා.

Aiden Markram ලකුණු 56 යි.
Temba Bavuma ලකුණු 35ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 177ක් පමණයි.

අගනා පන්දු යැවීමක නිරත වූ Kagiso Rabada ඕස්ට්‍රේලියාවේ කඩුලු 03ක් බිඳ දැමුවා.
Keshav Maharaj කඩුලු දෙකක් දවා ගත්තා.

READ:   ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ පළමු ජය ලබයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්