Monday, April 27, 2026
Homeදේශීයමේ වසරේ ඩෙංගු රෝගීන් ගණන 25,000 ඉක්මවයි

මේ වසරේ ඩෙංගු රෝගීන් ගණන 25,000 ඉක්මවයි

ගෙවුණු මාස 11 තුළදී ඩෙංගු රෝගීන් 25,910ක් සහ මරණ 19ක් වාර්තා වී ඇතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි විණි.

ඩෙංගු රෝගය වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් ස්ථිරව පවත්වාගෙන යෑම සඳහා සෑම ආයතනයකම ඒ සඳහා වෙන් වූ නිලධාරියකු නම් කිරීම, ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ බිම් මට්ටමේ සමිබන්ධීකරණ කටයුතුවල වගකීම පළාත් ආණ්ඩුකාරවරුන් වෙත පැවරීම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුළත්ව ඇත. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රා දේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී කරුණු සමාලෝචනය කර අවශ්‍ය පියවර ගැනීම, ඩෙංගු රෝගය වැළැක්වීමට අදාළව දැනට පවත්නා නීතිරීති යාවත්කාලීන කිරීම, ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන සමස්ත කාර්යයන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත පැවරීමද මින් යෝජනා කර තිබේ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ලෝක කම්කරු දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්