Sunday, August 30, 2026
Homeදේශීයරුසියාවේ පිපිරීමක් - 12ක් මරුට

රුසියාවේ පිපිරීමක් – 12ක් මරුට

දකුණු රුසියාවේ ඩැගෙස්තාත් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇත.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට මාධ්‍ය පවසනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත ගෙන යෑමට විශේෂ ගුවන් යානයක් යොදවා තිබේ.

පිපිරීමෙන් හටගත් ගින්න මීටර් 600ක් දක්වා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS: රුසියාව පවාදීමකට හසුවුණා - පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්