Sunday, April 26, 2026
Homeදේශීයපළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

අද (09) දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසි ද ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්