Friday, June 5, 2026
Homeආගමික"මිලාද් උන් නබි" උත්සවය අදයි

“මිලාද් උන් නබි” උත්සවය අදයි

ලෝක වාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන ශූද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් “මිලාද් උන් නබි” උත්සවය අදට යෙදී තිබෙනවා.

ක්‍රි.ව 571 දී නබි නායක තුමන්ගේ උපත සෞදි අරාබියේ මක්කම නගරයේදී සිදුවූ බව ඉස්ලාම් දහමේ සඳහන් වෙනවා.

ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කළ එතුමන් “අල් අමීන්” හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන්ද හඳුන්වනවා.

අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස හැඳින්වෙන්නේ මුහම්මද් නබි නායක තුමායි.

සියලු මනුෂයන් වෙනුවෙන් සාමය හා ප්‍රේමයේ පණිවුඩය ප්‍රචාරය කළ එතුමන් 23 වසරක් දේව මෙහෙවර ඉටු කර තිබෙනවා.

READ:   සිරිමහ බෝ හිමි රැකගත් දරමිටි පෝය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්