Tuesday, September 15, 2026
Homeදේශීයඇමෙරිකාවෙ නිෂ්පාදිත බෝර 12 නවීන ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට.

ඇමෙරිකාවෙ නිෂ්පාදිත බෝර 12 නවීන ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට.

අමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු දෙහිඹ්විට පොලිස් වසමේ අමුදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊය් (19) මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිඕවිට අමුදෙණිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු 2006 වර්ෂයේදී දෙහිඕවිට දිගන හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙහිඕවිට පොලිසිය ට භාර දී තිබෙනවා.

READ:   තමන් 'විශ්ව බුද්ධ' කියපු විමලබුද්ධි හිමි ගැන මහා නායක හිමිගෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්