Saturday, June 13, 2026
Homeදේශීයනරුම පුත්‍රයාගේ පිහි පහරින් බාප්පා මරුට

නරුම පුත්‍රයාගේ පිහි පහරින් බාප්පා මරුට

පොතුපිටිය පොලිස් වසමේ පනාපොල, කලවාන ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පිහියකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (30) සවස පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලක සිට පැවති ආරවුලක් මත මරණකරුගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා, මෙම පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 37ක් වන පනාපොල, කලවාන ප්‍රදේශයේ පදිංචි සැකකරු අපරාධයට යොදා ගත් පිහියද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොතුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මීගොඩ වෙඩි පත්තුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්