Wednesday, July 22, 2026
Homeදේශීයජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නතර වෙයි.

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නතර වෙයි.

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු නොකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

පෙට් ස්කෑන් පරීක්ෂණ ඒකකයේ කටයුතු කළ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු සේවයෙන් ඉවත්වීම මීට හේතුව බව එහි සභාපති චානක ධර්මකීර්ති මහතා පැවසුවා.

කාර්ය මණ්ඩලයේ එක් නිලධාරියෙකු විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරායා විදෙස් ගතවී තිබෙනවා.

13 වන දා සිට පෙට් ස්කෑන් පරීක්ෂණ කිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන්ට කල් තියා දැනුම්දුන්නද මේ වන විටත් ඊට පිළියමක් නොලැබුණ බව ඒ මහතා සඳහන් කළා.

මේ සඳහා පුහුණු නිලධාරීන් අවශ්‍ය බවත් ඊට අවම වශයෙන් මාස 6ක කාලයක් ගත වන බවත් එම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පුහුණුව නිම කළ විකිරණ නිලධාරීන් යොදවා ගැටලුව විසදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

READ:   BREAKING NEWS: වර්ජනයට සම්බන්ධ වූ විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්