Thursday, July 23, 2026
Homeක්‍රීඩාඊයේ ගොඩක් දෙනෙක් නොසිතුව දෙයක් ගැන දසුන් ශානක කියයි.

ඊයේ ගොඩක් දෙනෙක් නොසිතුව දෙයක් ගැන දසුන් ශානක කියයි.

ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන බව ගොඩක් දෙනෙක් නොසිතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩා කළ අය වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ගැන එලෙස සිතීමට හේතුව ඉන්දියාව පාකිස්තානය මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ද වඩාත් ශක්තිමත් කණ්ඩායම් වීම බව දසුන් පවසනවා.

එවැනි මොහොතක ප්‍රේක්ෂකයින් සිය කණ්ඩායම ගැන විශ්වාසය තැබීම ගැන දසුන් ක්‍රීඩාලෝලින් හට ස්තූතිය පුද කර සිටියා.

එම විශ්වාසය ආරක්ෂා කර ගැනීම කණ්ඩායමක් හැටියට වගකීම බව ඔහු පෙන්වා දෙනවා.

තමන් පසුබෑමක සිටින බව පිළිගන්නා බවත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග අතරතුරදී ලකුණු අතරට පැමිණීම බලාපොරොත්තුව බවත් දසුන් ශානක ප්‍රකාශ කළා.

2023 එක්දින (පිරිමි) ලෝක කුසලානයේ මහජන ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් ශානක මේ බව පැවසුවා.

READ:   රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස දිගු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්