ආසියානු ක්‍රිකට් කුසලානය තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශයට එරෙහිව යි.
තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණීමට නියමිතයි.
තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.


