ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතරයි.
අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමත්වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරගයට එක් නොවන අතර ඇන්ජලෝ මැතිව්ස් ඒ වෙනුවට නායකත්වය දරනවා.


