Thursday, May 14, 2026
Homeක්‍රීඩාකැන්ඩි කණ්ඩායමට විශිෂ්ට ජයක්

කැන්ඩි කණ්ඩායමට විශිෂ්ට ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් අතර අද (08) පැවති තරගය ලකුණු 89කින් ජය ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ගෝල් ටයිටන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

ඒ මෙවර LPL තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව යි.

පන්දුවට පහරදීමේදී නායක වනිඳු හසරංග ලකුණු 64ක් පන්දු 27 කින් රැස් කළා. ඒ මේවර LPL පිටියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ද වෙනවා.

FAKHAR ලකුණු 45 යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හබා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 114ක් පමණයි.

එහිදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් නායක වනිඳු හසරංග ගෝල් ටයිටන්ස් ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

READ:   තවත් කොවිඩ් ආසාදිතයින් 7ක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි දැනුම් දීමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්