Friday, July 24, 2026
Homeදේශීයවිශේෂ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තුවේ දී

විශේෂ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තුවේ දී

අද (11) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසනවා. ඒ ලබන සතියට නියමිත පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව තීරණ ගැනීම සඳහා යි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂ ගෙන එන විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගන්නවාද ? නැද්ද? යන්න මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරන බව වාර්තා වෙනවා.

මේ අතර පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන ආයතනවල කසල බැහැර කිරීම, රාවනා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදුකිරීම, ශෘද්‍ර මූල්‍ය හා කල්බදු ණය පහසුකම් ආයතන ණය පහසුකම් දැඩි නියාමනයකට ලක් කිරීම සහ පාසල් ගුරුවරුන් සඳහා වසර 05කට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම යන යෝජනා ඒ අතර වෙනවා.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ කාලය වෙන්කර තිබෙනවා.

මේ අතර අද පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්ණ සඳහා කාලය වෙන් කර ඇත.

READ:   දකුණු කොරියාවට කාලගුණය බලපෑම් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්