Saturday, September 12, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදා හැරේ..

අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදා හැරේ..

ඊයේ (10) විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 20 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

එහිදී රුපියල් 25 ක් බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් ඊයේ සංවිධානය කර තිබුණා. පා ගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අවස්ථා දෙකකදී ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී විරෝධතාවයේ නියැලුණු සිසුන් පිරිසක් අත්අඩංගුවට පත්වුණා.

ඒ සිසුවියන් දෙදෙනෙකු ද සමඟින්.

READ:   අතුරුදන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්