Friday, July 24, 2026
Homeදේශීයසමනල වැවෙන් ජලය නිකුත් කිරීමත් අර්බුදයක?

සමනල වැවෙන් ජලය නිකුත් කිරීමත් අර්බුදයක?

උඩවලව ජලාශය වෙත සමනල වැවෙන් ජලය නිකුත් කිරීම අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ ජල මට්ටම අඩුවිමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුලි හටගැනීම හේතුවෙන්.

මේ නිසා විදුලි ජනනය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩුකිරීමට ද සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ (10) දිනයේ දී මෙම දිය සුළි නිරීක්ෂණය වී තිබේ.

මේ අතර සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ඇඹිලිපිටියේ දී ගොවීන් දින 18ක් පැවැත්වූ සත්‍යග්‍රහය ඊයේ අවසන් වුණා.

READ:   BREAKING NEWS: QR ඉන්ධන ක්‍රමය අහෝසියි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්