Saturday, July 25, 2026
Homeවිදේශීයතායිලන්තය ඇස්ට්‍රාසෙනෙකා සමග චීන එන්නත් මිශ්‍ර කිරීම අතහරී

තායිලන්තය ඇස්ට්‍රාසෙනෙකා සමග චීන එන්නත් මිශ්‍ර කිරීම අතහරී

චීනයේ සිනොවාක් එන්නත සමග ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමඟ මිශ්‍ර කරමින් එන්නත්කරණය සඳහා වන සිය එන්නත් ප්‍රතිපත්තිය තායිලන්තය විසින් වෙනස් කරනු ලැබ ඇත.
ජනතාවගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා තායිලන්ත සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන ඇති බව බීබීසීය වාර්තා කරයි.
සීනෝවාක් එන්නත සමග එන්නත්කරණය සම්පූර්ණ කර තිබියදීත් වෛද්‍ය සේවකයින් සිය ගණනකට කොවිඩ් වැළ්ඳීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
සිනොවාක් වාර දෙකක් වෙනුවට පළමු සිනොවාක් වාර දෙකකින් පසුව තුන්වන මාත්‍රාවක් හැටියට ඇස්ට්‍රාසෙනෙකා ඒ අනුව ජනතාවට ලබා දෙනු ඇත.
දෙවන සිනොවාක් මාත්‍රාව එන්නත්කරණයෙන් සති හතරකට පසුව තුන්වන මාත්‍රාව හැටියට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙන බවට තායිලන්තයේ ජාතික බෝවෙන රෝග කමිටුව පවසන බවත් ඇස්ට්‍රාසෙනෙකා යනු දැනට එරට තුළ ඇති එකම එන්නත වන අතර එක්සත් ජනපදයෙන් පරිත්‍යාග කරන ලද ෆයිසර්/බයෝටෙක් එන්නත් මාත්‍රා ළඟදීම පැමිණීමට නියමිත.
චීනයෙන් සිනොවාක් එන්නත පළමු වරට ලබා ගත්තේ තායිලන්තය වේ.

READ:   WWE ලෝක ශූර Bray Wyatt ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්