Friday, September 11, 2026
Homeදේශීයබොරැල්ලේ හදිසි මෙහෙයුමක්

බොරැල්ලේ හදිසි මෙහෙයුමක්

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (16) අළුයම කාලයේ බොරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම මෙහෙයුමේ දී අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් දෙදෙනෙකු ද වන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයාට ඇප. ඇතින්නට වෙඩි වැදිලා තියෙන විදිහ එතරම් හොඳ නැහැ - මහාචාර්ය අශෝක දංගොල්ල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්