පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් පෙරළී ඊයේ (09) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය පත්වු අතර තවත් පුද්ගලයින් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කළා.
මේ අතර අනතුරට පත් පෞද්ගලික බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල අවසර පත්‍රයක් නොමැති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් එම බස් රථයට පළාත් අධිකාරිය විසින් යම් බලපත්‍රයක් නිකුත් කර ඇතිද යන්න පිළිබඳව මේ වනවිට පරිකෂ්ණයක් ආරම්භ කර ඇත.
බස්යේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් අතුරුදහන් වූ පුද්ගලයන් සොයා අද (10) උදෑසන ද නාවික හමුදාව විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.



