Thursday, July 23, 2026
HomeදේශීයGalleface යාචකයින් රිදියගමට..

Galleface යාචකයින් රිදියගමට..

ගාලු මුවදොර (Galleface) පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ, ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින්ගේ ජනතාවට සිදුවන හිරිහැර මැඩලීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බවයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, යාචකයින් 150ක් පමණ පිරිසක් ගාලු මුවදොර පිටියේ සිඟමන් යදින බවයි.

මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසනවා.

READ:   සිංහල දෙමළ අලුත් අවුරුද්දට අත්‍යවශ්‍යය ආහාර ඇතුළත් සහන මල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්