Wednesday, July 29, 2026
Homeදේශීයකතරගමට විශේෂ ආරක්ෂාවක්

කතරගමට විශේෂ ආරක්ෂාවක්

ඇසළ මහා පෙරහැරට සමගාමීව කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

පෙරේදා (19) ආරම්භ කෙරෙණු කතරගම ඇසළ පෙරහැර ජූලි 07 වනදා දක්වා පැවැත්වෙන බැවින් දෙස් විදෙස් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් කතරගම, තිස්සමහාරාම,කිරින්ද සහ තංගල්ල යන ප්‍රදේශවලට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

එලෙස පැමිණෙන බැතිමතුන් වැව්, ජලාශ හා මුහුදු තීරයන් ආශ්‍රිතව දිය නෑම සිදුකරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට වැඩි පිරිසක් සහ ජලාශ ආශ්‍රිතව බෝට්ටු යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර ආරක්ෂක නිලධාරීන් ජලාශ ආශ්‍රිතව මුර සංචාරයේ යෙදවීමට ද කටයුතු කර තිබේ.

පූජා නගරයට පැමිණෙන මහජනතාවගේ වාහන හා දේපලවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

READ:   Lasith Embuldeniya
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්