Sunday, April 26, 2026
Homeදේශීයඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6ක ඖෂධ

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6ක ඖෂධ

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර තිබේ

මෙරට ඇමරිකානු තානාපති ජූලි ජියෝන් (Julie J. Chung) මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දී ඇත.

ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

මිතුරු රටක් ලෙස ඉදිරියේ දී තව තවත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවත් ලැබෙන ආධාර රේගුවෙන් නිදහස් කර ගැනීමේ කටයුතු ඉක්මන් කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි ජියෝන් චං මහත්මිය කියා සිටියාය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් උදව් උපකාර කළ මිතුරු රටවල් සියල්ලටම ගෞරව ස්තුතිය පුද කර සිටින බවයි.

READ:   LPL අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්