Tuesday, July 28, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්..

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්..

මෙරට තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ තුළින් පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල, වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ තුළ අවම වශයෙන් A330 ගුවන් යානා පියාසර කිරීම හා ගොඩබැස්සවීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සංවර්ධන කටයුතු කිහිපයක් කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

දැනට දිගින් මීටර් 2,287ක් වන ධාවන පථය මීටර් 2,800ක් පමණ දිගු කිරීම, ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම, ගුවන් යානා අංගනයක් ඉදි කිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදි කිරීම වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා සිදු කිරීමට මේ යටතේ සිදු කිරීමට නියමිතයි.

READ:   මෙහෙම ගියොත් මේ රටම ඉන්දියාව ගන්නවා - ඩයනා ගමගේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්