Monday, September 28, 2026
Homeදේශීයචීන එන්නත නිල වශයෙන් භාර දෙයි

චීන එන්නත නිල වශයෙන් භාර දෙයි

චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් තොගය චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (31) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය.
කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී භාර දුන් එන්නත් තොගය මෙරට වෙසෙන චීන ජාතිකයන්ටද ලබා දීමට නියමිතය.
එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත බව මීට පෙර වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
එසේම එන්නතට අදාළ සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ යම් ප්‍රමාදයක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.

READ:   තවත් රෝගියෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්