පිලාත් නඩුකාරවරයාගේ නඩු විනිශ්චයෙන් අනතුරුව මරණයට නියම කෙරුණ ජේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලෝකවාසී කතෝලික ජනතාව අද (02) සිහිපත් කරයි.
ජේසුස්වහන්සේ අපරාධකරුවකු බවට චෝදනා එල්ල වීමේදී ඔහුට අදාළ දඬුවම් ලබා දීම පිණිස නඩු විමසීම සිදු කළ පිලාත් නඩුකාරයා තවත් අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කෙරුණ බරබ්බාස් හා ජේසුස් එකවර සිටුවා නඩු තීන්දුව ලබා දීමට නියමිතව තිබූ බව ශුද්ධවූ බයිබලයේ සඳහන් වේ.
ඒ අනුව නඩු විමසීමේ භූමියට රැස් වූ ජනතාව ජේසුස් වෙනුවට බරබ්බාස් නිදහස් කරන්නැයි කීමත් සමග තමන් දීන්දු ලබා දීමෙන් ඉවත් වන බවට සලකුණු කරමින් පිලාත් නඩුකාරයා අත සෝදාගෙන පසුපසට වූ බවත් අනතුරුව ජේසුස්ට කුරුසිය කර තබාගෙන ගොස් මරණයට මුහුණ දීමට සිදු වූ බවත් ශුද්ධවූ බයිබලය සඳහන් කරයි.
ජේසුස්වහන්සේ දුක්විඳ, මරණයට පත් වූ මහ සිකුරාදා දිනය එළඹියේ මෙම නඩු තීන්දුවෙන් පසුවය.
පිලාත්ගේ අත සෝදාගත් නඩු තීන්දුව – මහ සිකුරාදා අද
නවතම වීඩියෝ
-
ගන් ෂොට්ස් දැක්කද?දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී විපක්ෂ නායක කළ යෝජනා ටික.
-
Indian national caught with Kush cannabis worth over 51 million rupees.
-
පොලිස් ඇමතිතුමා කොහේද බොල තෝ ඉන්නේ??තරුණයෙකු සිරමැදිරියක් තුළ ඝාතනයට ලක්වීම ගැන සිලරතන කට අරී.
-
මේ පනතේ අරමුණ කිසිවක් නෙවෙයි.නීතිඥ නුවන් බෝපගේ ත්රස්තවාදය වැලැක්වීමේ පනත ගැන හෙලිකලදේ.


