Wednesday, June 10, 2026
Homeදේශීයපිලාත්ගේ අත සෝදාගත් නඩු තීන්දුව - මහ සිකුරාදා අද

පිලාත්ගේ අත සෝදාගත් නඩු තීන්දුව – මහ සිකුරාදා අද

පිලාත් නඩුකාරවරයාගේ නඩු විනිශ්චයෙන් අනතුරුව මරණයට නියම කෙරුණ ජේසුස්වහන්සේගේ දුක්විඳීම, මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලෝකවාසී කතෝලික ජනතාව අද (02) සිහිපත් කරයි.
ජේසුස්වහන්සේ අපරාධකරුවකු බවට චෝදනා එල්ල වීමේදී ඔහුට අදාළ දඬුවම් ලබා දීම පිණිස නඩු විමසීම සිදු කළ පිලාත් නඩුකාරයා තවත් අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කෙරුණ බරබ්බාස් හා ජේසුස් එකවර සිටුවා නඩු තීන්දුව ලබා දීමට නියමිතව තිබූ බව ශුද්ධවූ බයිබලයේ සඳහන් වේ.
ඒ අනුව නඩු විමසීමේ භූමියට රැස් වූ ජනතාව ජේසුස් වෙනුවට බරබ්බාස් නිදහස් කරන්නැයි කීමත් සමග තමන් දීන්දු ලබා දීමෙන් ඉවත් වන බවට සලකුණු කරමින් පිලාත් නඩුකාරයා අත සෝදාගෙන පසුපසට වූ බවත් අනතුරුව ජේසුස්ට කුරුසිය කර තබාගෙන ගොස් මරණයට මුහුණ දීමට සිදු වූ බවත් ශුද්ධවූ බයිබලය සඳහන් කරයි.
ජේසුස්වහන්සේ දුක්විඳ, මරණයට පත් වූ මහ සිකුරාදා දිනය එළඹියේ මෙම නඩු තීන්දුවෙන් පසුවය.

READ:   සුප්‍රකට මාධ්‍යවේදී ලැරී කිංග් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්