Thursday, July 16, 2026
Homeදේශීයකොරියාවේ රැකියාවට යන අලුත් විදිහ මෙන්න

කොරියාවේ රැකියාවට යන අලුත් විදිහ මෙන්න

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමුකිරමට පුහුණු මධ්‍යස්ථානයක් මෙරට දී ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතනය එක්ව මෙම පුහුණු වැඩසටහන පවත්වයි.

ඒ සදහා වන අවබෝධතා ගිවිසුම කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අත්සන් කර තිබේ.

නාවුක වැල්ඩින්,පින්තාරු, ඉලෙක්ට්රිකල් ඇතුළු මූලික අදියරේ සිට නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම මෙහි අරමුණයි.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය, පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

මේම පාඨමාලාව සමඟ කොරියානු භාෂා පුහුණුව ද ලබා දේ.

පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.

READ:   පළපුරුදු ධීවරයන්ට කොරියාවෙන් රැකියා ලබාදීමට යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්