යුද සමයේදී අතුරුදන්වූවන්ගේ ප්රශ්නය සම්බන්ධයෙන් යම් විසඳුමක් දීම සඳහා කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමු වන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා (17) යාපනය දිසාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී යාපනයේදී පැවසීය.
ජනාධිපතිවරයා හමු වීමට පෙර අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංගම් සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (20) යාපනයේදී පැවැත්වීමට නියමිතය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් රජයෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳවද ඊට සම්බන්ධ සංගම්වල ඉල්ලීම් ගැනද කරුණු සාකච්ඡා කොට, එම තොරතුරු රැගෙන ජනාධිපතිවරයා හමු වන බව ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා එහිදී පැවසීය.
රසුල දිල්හාර ගමගේ
අතුරුදන්වූවන් ගැන විසඳුමකට ජනපතිගෙන් වේලාව්ක්
නවතම වීඩියෝ
-
හර්ෂ අද එහෙම කතාවක් කළ හේතුව මාලිමාවේ සුනිල් කියයි.. - විපක්ෂය, හර්ෂට එහෙම කළේ කවුද කියන්න කියයි..
-
ලක්මාලීත් හොඳට අහන් ඉද්දී සමන්මලී කරපු අයවැය ගැන සුපිරි කතාව
-
🚨අනුරාධපුර සිද්ධිය පිළිකුළින් යුතුව හෙළා දකිනවා - ඒ ශුද්ධ භූමිය භික්ෂූන් වහන්සේලා විසින් කිළිටි කළා
-
🚨අද විශේෂ දිනේ කාවන්තිස්සට වේචිචි දේ හොයන්න දුන්න යෝජනාවට වෙච්චි දේ අහපු සජිත්ට නලින්ද දුන්න උත්තරේ.


