Tuesday, September 8, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 222ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

එහිදී සාර්ථකම පිතිකරුවා වූ ධනංජය ද සිල්වා ලකුණු 57 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 576ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ වනවිට Agha Salman නොදැවී ලකුණු 132ක් ලබා සිටියා.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 410 ක ඉලක්කයක් හබා යෑමට යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 188ක් පමණයි.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 68ක් රැස් කළා.

ඒ අනුව තරඟාවලිය 02කට 0ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.

READ:   තවත් බස් රථයක් අනතුරක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්