Thursday, July 30, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා පාකිස්තාන තරගයේ තීරණාත්මක දිනය අදයි..

ශ්‍රී ලංකා පාකිස්තාන තරගයේ තීරණාත්මක දිනය අදයි..

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම ඊයේ (19) දිනය නිමා වන විට කඩුලු 03ක් දැවී ලකුණු 48ක් ලබා ගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461ක් රැස් කර ගත්තා.

ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 279ක් පමණයි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්.

ඒ අනුව තරගයේ පස්වන දිනය වන අද සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායමට තරගය ජය ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 83 ක් පමණයි.

ඒ සඳහා තවත් කඩුලු 07ක් ඔවුන්ට ඉතිරිව තිබේ.

READ:   BREAKING: ධනුෂ්ක ලිංගික අතවර චෝදනාව ප්‍රතික්ෂේප කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්