යුද සමයේදී අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් විසඳුමක් දීම සඳහා කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමු වන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පසුගියදා (17) යාපනය දිසාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී යාපනයේදී පැවසීය.
ජනාධිපතිවරයා හමු වීමට පෙර අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංගම් සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (20) යාපනයේදී පැවැත්වීමට නියමිතය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් රජයෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳවද ඊට සම්බන්ධ සංගම්වල ඉල්ලීම් ගැනද කරුණු සාකච්ඡා කොට, එම තොරතුරු රැගෙන ජනාධිපතිවරයා හමු වන බව ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා එහිදී පැවසීය.
රසුල දිල්හාර ගමගේ
අතුරුදන්වූවන් ගැන විසඳුමකට ජනපතිගෙන් වේලාව්ක්
නවතම වීඩියෝ
-
විශ්වාස කරන්න බැරි තරම් ලොකු සම්මන්ත්රණ ශාලාව,ප්‍රොෆට් ජෙරම්ගේ මිර්කල් ඩෝම් සංජය මහවත්ත පුදුම කරයි
-
ජනපති දැඩි පීඩනයකින් දැඩි ආවේගයකින් කථා කරන්නේ ඇයි??ජනපතිගේ රැස්වීම් ගැන ගැමුණු පරපුර කිව්වදේ.
-
🔴ලලිත් කුගන් අතුරුදන්වීමේ නඩුවේ සාක්ෂි දීමට පැමිණි ගෝඨා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් එලියට ගියහැටි.
-
පසුගියදා තීන්දුව දුන් පාස්කු ප්‍රහාරයේ මහා නඩුව වුනේ කොහෝමද?? චිරන්ත කට අරී.


