Tuesday, July 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය ඇරඹේ..

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය ඇරඹේ..

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී,

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පෙරවරු 10 .00ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟ තුනක් හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර අද තරගයට මතීෂ පතිරණ එක් වීමට වැඩි අවස්ථාවක් ඇති බව වාර්තා වෙනවා.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින තරගාවලි හතක් පවත්වා ඇති අතර ඉන් 04 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාව යි.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය: ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට යළිත් තේරීපත් වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්