Wednesday, September 30, 2026
Homeදේශීයසීනි පාඩුව අය කරගන්නැයි ජවිපෙ පෙත්සම් ගසයි

සීනි පාඩුව අය කරගන්නැයි ජවිපෙ පෙත්සම් ගසයි

ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීමේදී ලබා දුන් බදු සහනයෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 50ක වන්දියක් ලබා දෙන ලෙස මුදල් ඇමතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 09 දෙනෙකුට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ බදු සහනයෙන් රජයට රුපියල් කෝටි 1595කට අධික බදු මුදලක් අහිමි වී ඇති බවත් එයට වග කිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර ඇත.
මුදල්ය ඇමති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පිරමීඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

READ:   සනත් නිශාන්තගේ දේහය අද පුත්තලමේ නිවසට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්