Sunday, July 19, 2026
Homeදේශීයකුරුළු උණ සහිත බිත්තර යුද හමුදාවට දීලා - සී.අයි.ඩි යට පැමිණිල්ලක්

කුරුළු උණ සහිත බිත්තර යුද හමුදාවට දීලා – සී.අයි.ඩි යට පැමිණිල්ලක්

කුරුළු උණ සහිත බිත්තර ලක්ෂ දෙකක් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ආහාර සඳහා ලබා දී ඇති බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා පෙරමුණ විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරණු ලැබුවා.

ආනයනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් පමණ (බහාලුම් දෙකක්) මෙරට යුද හමුදාවට ආහාර සඳහා ලබාදුන් බව බිත්තර ව්‍යාපාරිකයන්ගේ සභාපති ප්‍රකාශ කර ඇති බවත් එම බිත්තර වල කුරුළු උණ වෛරසය අඩංගු වන බව ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර ඇති බවත් ජනතා පෙරමුණ පවසනවා.

බිත්තර ව්‍යාපාරිකියන්ගේ සභපතිවරයාගේ මෙම බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔවුන් පැවසුවා.

READ:   රේගුවේ රඳවා ගත් වාහන 133ක ෆයිල් අතුරුදන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්