Friday, April 24, 2026
Homeදේශීයගම්පහ සතියකට ඩෙංගු රෝගීන් 400ක්..

ගම්පහ සතියකට ඩෙංගු රෝගීන් 400ක්..

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100ක් පමණ වන බවයි.

වසරේ ගතවූ කාල සීමාව තුළ ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22ක්.

රාජ්‍ය ආයතනවලින් 06% කින් ඩෙංගු මදුරු කීටයන් හමු වී තිබෙනවා.

දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

READ:   ළමා රෝහලේත් කොවිඩ් අනතුර වැඩි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්