Monday, July 20, 2026
Homeදේශීයසමාව ඉල්ලුවත් ජෙරම්ට සමාව නැහැ..

සමාව ඉල්ලුවත් ජෙරම්ට සමාව නැහැ..

ආගම්වලට නිගරු වන ආකාරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ වැරද්දක් කරලා සොරි කියූ පමණින් විමර්ශන නතර කළ නොහැකි බවයි.

“කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්‍රකාශනය ගැන එතකොට ඔහුගේ තව දේවල් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සියලු දේ CIDයෙන් විභාග කරනවා. එතකොට උසාවියෙන් තමා විදේශ ගමන් තහනම ලබාදී තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි සාමාන්‍ය ක්‍රමය ඕනෑම පුද්ගලයෙක් ලංකාවට ආවහම එයාර්පෝට් එකට ආවහම එතැනින්ම ඔහුව CIDයට භාරදෙන්න. එතකොට CIDය පරීක්ෂණ කරලා, කටඋත්තර ලියලා ඔවුන් තීරණය කරයි මෙයාව ගෙදර යවනවා ද? උසාවි දානවද කියලා. ඒක CID වැඩක්.”

READ:   රත්‍රං ගෙනා අලි සබ්රි රහීම්ගේ ඡන්දය ජනකට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්