Thursday, July 23, 2026
Homeදේශීයජනක රත්නායක එලවන්න සම්පූර්ණ සහය දෙනවා - පොදු ජන පෙරමු‍ණ

ජනක රත්නායක එලවන්න සම්පූර්ණ සහය දෙනවා – පොදු ජන පෙරමු‍ණ

මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකත්වයෙන් සහ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනුම් දෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කරයි.

මේ අතර ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජනක රත්නායකට එරෙහි යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම ද පැවැත්වීමට නියමිතයි.

READ:   පුටින්ට එරෙහිව තුවක්කුව අතට ගත් වැන්ගර් හමුදා නායකයා ගුවන් අනතුරකින් මරුට?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්