Sunday, July 26, 2026
Homeදේශීයපැරණි පෙම සොයා පැමිණි තරුණයෙක් එක් දරු මවකට වෙඩි තබා, සියදිවි නසා...

පැරණි පෙම සොයා පැමිණි තරුණයෙක් එක් දරු මවකට වෙඩි තබා, සියදිවි නසා ගනී..

අද අලුයම පරයනාලන්කුලම් , නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර සැකකරු වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි නිලියාමොටෙයි , පුවරසන්කුලම් ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

මියගොස් ඇති සැකකරු වයස අවුරුදු 24ක් වූ නිලියාමොටෙයි ප්‍රදේශයේ තරුණයෙකි.

මියගිය කාන්තාව විවාහවීමට පෙර සැකකාර තරුණයා සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ තරුණිය තම සැමියා සහ දරුවා සමග නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

පරයනාලන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   හරි පාරෙන් ඩොලර් එවන අයට වාහනයක් ගන්න අවස්ථාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්