Saturday, July 25, 2026
Homeදේශීයහොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..

හොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..

රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, පිටකොටුව කදිරේෂන් වීදියේ ගබඩාවක තිබියදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ එම රූපලාවන්‍ය ආලේපන විදේශීය නිෂ්පාදන ලෙස පවසමින් පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

රසායනාගාර වාර්තා සඳහා මෙම ආලේපනවල සාම්පල යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   සනත් නිශාන්තගේ මරණය නීති විරෝධී රියදුරන්ගේ කටයුතුවල ප්‍රතිථලයක් - අධිකරණ ඇමති විජයදාස
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්