Friday, June 5, 2026
Homeදේශීයනව ආණ්ඩුකාරවරු අද පත් කරයිද?

නව ආණ්ඩුකාරවරු අද පත් කරයිද?

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(17) දින සිදු කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.

මේ අතර සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලය දන්වා ඇතැයි පසුගියදා වාර්තා වුණා.

නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ එම ආණ්ඩුකාරවරුන් සඳහන් කළේ, ලිඛිතව එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

එබැවින් තවදුරටත් අදාළ ධුරයේ කටයුතු කරන බව ඔවුන් සඳහන් කළා.

නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඒ, පසුගිය 15වැනිදායි.

ඒ අනුව, එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද දින සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

READ:   2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේදී ලක් මව බැබළ වූ පුංචි තෙහස් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්