Saturday, July 25, 2026
Homeදේශීයතැන්පතුවට වැඩි ලාභයක් දෙනවා කියමින් කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

තැන්පතුවට වැඩි ලාභයක් දෙනවා කියමින් කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පුද්ගලික ආයතනයක් ලියාපදිංචිය කර එම ආයතනයෙන් විශාල ලාභාංශයක් ලබා දෙන ලෙස පවසා රුපියල් කෝටි 03කට ආසන්න මුදල් වංචා කළ පුද්ගලයෙක් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් ආයෝජනය කරන ලෙස දැනුවත් කර තම මුදල් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිලි 09 ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී මැයි. 02 වන දා මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෑගල්ල අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

READ:   කාසියේ වාසිය දඹුල්ලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්