Tuesday, June 2, 2026
Homeදේශීයකුපිත වූ වෑන් රථය මහමඟ සරුවත් විකුණූ 16 හැවිරිදි දැරියගේ ජීවිතය බිලි...

කුපිත වූ වෑන් රථය මහමඟ සරුවත් විකුණූ 16 හැවිරිදි දැරියගේ ජීවිතය බිලි ගනී

වෙන්නප්පුව, වෙල්ලනමංකරය – කටුනේරිය මාර්ගයේ, දුම්මලදෙනිය ප්‍රද්ශයේ දී වැන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවුණා.

මාර්ගයෙන් ඉවතට පැන්න වෑන් රථය මාර්ගයේ අයිනේ සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවකගේ ගැටී තිබේ.

ඊයේ (01) දහවල් සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ එම තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී එක් දැරියක් මිය ගිය බව පොලීසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ වෙරළ පාර, වෙන්නප්පුව ප්‍රදේශයේ දැරියකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පාකිස්තානයේ ගංවතුරින් මිලියන 33කට අධික ජනතාවක් පීඩාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්