ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත ලබාදීමට කඩිනමින් ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
මේ වන විට තමන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටීම හේතුවෙන් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) පැවසීය.
එම නිවේදනයේ මෙසේ සඳහන්ය.
මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත් ඒ අනුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බවද පැවැසීය.
කඩිනමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු කොවිඩ් එන්නත්කරණ කමිටු සාමාජිකයින් සියලුදෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන්හටත්, සෞඛ්‍ය ලේකම්තමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදුකරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුදෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.
බස්නාහිර පළාතේ රෝහල් 6කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත් මෙරට සියලු ජනතාවටද එන්නත ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කැප වී කටයුතු කරන බවද පැවැසීය.
සෞඛ්‍ය ඇමතිනිය රෝහලේ සිට ජනතාව අමතයි
නවතම වීඩියෝ
-
නවීකරණය වූ මධ්‍යම බස් නැවතුම්පළෙන් ලැබෙන සේවාවට ජනතාවගෙන් තුති මල් මිටක්
-
අපරාධ රැසකට සැකකරුවෙකු වූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
-
බලශක්ති ඇමති කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණේ-පන්නිල |විවෘත වුණ හෝමුස් නිසා එන සහනයත් ඇමති පන්නිල කියයි
-
අනුර ඇයි අවු 1.හමාරක් යනකන් මේ කොමිසම පත් නොකළේ??-පක්ෂ විපක්ෂ ඩිල් එක මුජිබර් රටට කියයි.


