ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ,ආසන තරුණ බලමණ්ඩල සදහා පත් කල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ පසුගියදා කලුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයෙන් ආරම්භ වුනා.

ඒ මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙනුයි.

ඒ අනුව මතුගම ආසනයේ තරුණ බලමණ්ඩලයේ නිලධාරී හමුව මතුගම නෑබඩ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී පැවැත්වුනා.

ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති සජිත් මෙන්ඩිස්,
ලේකම් (වැ.බ)
තිලිණ ගයාන් මධුශංඛ,
උප සභාපති
සංජු චානක ලියනගේ යන මහත්වරුන් පැමිණි අතර, පක්ෂයේ තරුණ ශක්තිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දුන්නා.

මතුගම ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා මෙහිදී අවධාරණය කලේ ,එදා සඟ වෙද, ගුරු ,ගොවි ,කම්කරු,පංච මහා බලවේගයට රටක් ලෙස පණ දිය යුතු අතර, මෙදා තරුණ තරුණියන්ගේ පංච මහා බලවේගය බවට සමාජ මාධ්‍ය ප්‍රමුඛ තාක්ෂණය පත්ව ඇති බවයි.

නව ලොවට ගැලපෙන පරිදි එය හසුරවමින් පාවෙන ඡන්ද ලබා ගැනීමේ එකම ක්‍රමවේදය තරුණ පෙරමුණේ ශක්තිය බවද වන්නිආරච්චි මහතා පෙන්වා දුන්නා.
ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසානාත් පීරිස් මහතා විසින් තරුණ ආකල්ප වෙනස් විය යුතු ආකාරය ගැනද මෙහිදී විශේෂ දෙසුමක් සිදු කලා.
මතුගම ආසන තරුණ බලමණ්ඩලයේ ලේකම් තේජානි ෂෙහානා ඇතුලු තරුණ පෙරමුණේ සෙසු නිලධාරීන් මීට එක්ව සිටියා.




