Sunday, April 26, 2026
Homeදේශීයහෙදියගේ කිරි බී - දොස්තර ලෙඩ වෙයි" _වෛද්‍යවරුයකු ලියු සැබෑ සංවේදී කතාවක්_

හෙදියගේ කිරි බී – දොස්තර ලෙඩ වෙයි” _වෛද්‍යවරුයකු ලියු සැබෑ සංවේදී කතාවක්_

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතකට ‘මාධ්‍ය සදාචාරයක් නැති’ ලියන්නෙක් / ලියන්නියක් ලියපු ලිපියක සිරස්තලයක්  ඒකේ තිබුණේ පසුගිය දිනෙක හෙදියක් සහ වෛද්‍යවරෙයෙකු සම්බන්ධ සිදුවීමක් ගැන පුවතක්.. සිරස්තලේ දාලා තිබුණේ උඩ තිබුණ විදියට..

අපි මහ අසික්කිත රටක්.. ඒක ඇත්ත.. ?

මට ඊයේ දිනයේ වුණු සිදුවීමක් නිසා මෙහෙම සටහනක් තියන්නම ඕනෙ කියලා මගේ හිත කිව්වා.

මේ දවස් වල මම නෝම්බි…

කලින් දවසෙ හවස කාපු දෙයක් ඇඟට ඇල්ලුවෙ නැතුවද මන්දා, බොස් එක්ක වෝඩ් රවුන්ඩ් එක කරගෙන ඉන්න කොට කලන්තයක් එක්ක වමනෙට ආවා. ඩොක්ටර්ස් රූම් එකට දුවල ගිහින් වමනෙ දැම්මා වොශ් රූම් එකේ. ඒ දුවද්දි ‘ඇයි ඩොක්ටර්, මොකක්ද අවුල?’ එහෙම ඇහුවෙ හෙදියක්.

6 පාරක් විතර සැරින් සැරේ වමනෙ ගියා. ‘ෂුගර් එකක් බලමු ඩොක්ටර්’ ඒ තවත් හෙදියක්. ‘තේ එකක් හදල දෙන්නම්’ ඒ වාට්ටුවෙ සිස්ටර්.

‘කැනියුලා එකක් දාගමු ඩොක්ටර් කෝකටත්’ ඒ තවත් හෙදියක්. ‘වමනෙ නවතින්න IV බෙහෙත් විදිමු නේද ඩොක්ටර්’ ඒ තවත් හෙදියක්……

කුණු රස මාකට් කරන සියළුම ජඩමාධ්‍ය වෙත.. කියන්නෙ…
ඔයාලා මොන කුණු ලිව්වත් හිනාවෙවී කියවන; ඔයාලා මොන ජරාව පෙන්නුවත් කට ඇරගෙන ඇත්ත කියලා හිතාගෙන බලන / බලපු කාලේ පරම්පරාව දැන් වයසයි.. ඒ කාලේ දැන් ඉවරයි මහත්වරුනි…

වාට්ටුවෙ හිටපු සෑම හෙදියක්ම මට උපරිම සහයක් දුන්නා.. මේ වෙලාවෙ මගෙ බොස් සහ SHO, HO ලත් අනිවාර්‍යයෙන් මතක් කරනවා.

ඔය ආසන්නතම සිද්ධියක්…..

කලින් දවසක බෘෆන් ඇලර්ජික් වෙලා වාට්ටුවෙ වැඩ කරන් ඉද්දි, හොඳටම අමාරු වුණා. එවෙලෙත් මට හෙදියන්ගෙන් ලැබුණෙ අසීමිත සහයක්…..

කටු මිස්, චතූ මිස්, බුලත් මිස් ඇතුලු සියලුම හෙදියන්ට සහ සිස්ටර් ට උපහාරයක් වේවා……..

තවත් දෙයක්….

මෙඩිකල් ස්ටුඩන්ට් කාලෙ මට කැනියුලාවක් හරියට එක පාර දාන හැටි කියල දුන්නෙ චාමිකා මිස්. යාපනේ රෝහලේ. එදත් අදත් මම ඇයව අමතන්නෙ අක්කා කියල.. ඇය අමතන්නෙත් මල්ලි කියල… එහෙම සහෝදරත්වයක් අදටත් තියෙනව..

READ:   රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය

ඉන්ටර්න් කාලේ…..

වෝඩ් වැඩ අස්සෙ හිර වෙලා ඉද්දි, ඔපරේෂන් තියට එකේ මැරීගෙන වැඩ කරද්දි, ලේබර් රූම් එකේ රෑ තිස්සෙ අම්මල බලද්දි, ක්ලිනික් වල උගුර කැඩෙනකන් කෑගහද්දි…… මිස් ලා මගේ අම්මා, අක්කා වගෙ දැනුනේ එයාලා මට තේ එකකින්, කෑමකින් සංග්‍රහ කරල මගේ වෙහෙස නිව්ව නිසා…..

2018 දිගන සිංහල මුස්ලිම් කෝලහලය වෙලා රටම ඇවිලුණ වෙලාවෙ…මම ඉන්ටර්න්, මගෙ දුවට මාස 3ක් විතර. බිරිඳ හිටියෙ කටුගස්තොට අම්මලගෙ ගෙදර. එයාලට කරදරයක් වෙයිද කියල මම වාට්ටුවෙ ලතැවෙද්දි, ‘බය වෙන්න එපා ඩොක්ටර්, ඩොක්ටර් කිසිම ලෙඩෙක්ට ජාතිය බලල බෙහෙත් කරන්නෙ නැහැ, ඩොක්ටර්ගෙ හිතේ එහෙම භේදයක් නැහැ කියල අපි ඇස් පනාපිටම දකිනව… ඒ නිසා බබාටවත් වයිෆ්ටවත් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ…’ කියල ඇස් වලින් කඳුලු හලපු හෙදියො හිටිය. එහෙම අස්වසන්න, වෝඩ් වැඩ ටික බැලන්ස් කරල මගේ පවුල ගැන බලන්න උපරිම සහය දෙන්න ඒ මිස්ලා නොහිටින්න මට තිබුණ ස්ට්‍රෙස් එකට ඩිප්‍රෙෂන් හැදෙන්න වුණත් ඉඩ තිබුණා….

ඉන් පස්සෙ වැඩ කරපු හැම වාට්ටුවකම මිස්ලා, මාස්ටර්ලා දීපු තේ, කිරි තේ මම බීල තියෙනව….

කුණු රස මාකට් කරන සියළුම ජඩමාධ්‍ය වෙත.. ?? කියන්නෙ…
ඔයාලා මොන කුණු ලිව්වත් හිනාවෙවී කියවන; ඔයාලා මොන ජරාව පෙන්නුවත් කට ඇරගෙන ඇත්ත කියලා හිතාගෙන බලන / බලපු කාලේ පරම්පරාව දැන් වයසයි.. ඒ කාලේ දැන් ඉවරයි මහත්වරුනි…

මෙය වත්මන් නයිටිංගේල් පරපුරේ ආදරණීය ශ්‍රී ලාංකීය සමස්ත හෙද / හෙදි සහෝදරත්වයට මල් මිටක් වේවා!.. ❤️❤️

– වෛද්‍ය රොෂාන් මුනාස්

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්