අවුරුදු සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ආහාර වැටලීම ඊයේ (12) තිස්සමහාරාම ප්‍රදේශයේ දී සිදුකර ඇත.
සෞඛ්‍ය පරීක්ශකවරුන් අවුරුදු සමය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ආහාර පරිහරණ ආයතන පරික්ෂා කිරීම් 07නිදා සිට 12 නිදා තෙක් සිදු කළ බව සඳහන් වෙනවා.
ඒ අනුව කිරින්ද , යෝධකණ්ඩිය ප්‍රදේශවල සංචාරක හෝටල් , කතරගම පාර අවට සංචාරක හෝටල් හා සිල්ලර ,තොග කඩ , තිස්සමහාරාම දෙබරවැව තොග හා සිල්ලර කඩ පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී
මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක් හමුව තිබේ.
එම ආහාර විනාශ කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කර ඇත.








